ඇමෙරිකා එක්සත් ජනපදය ලොව වැඩිම කොවිඩ් ආසාදිතයන් සිටින රට ලෙස මේ වනවිට 500,000ක ආසාදිත සීමාවකට පැමිණ තිබේ.
ඒ අනුව අද උදෑසන වනවිට එරටින් වාර්තා වූ ආසාදිතයන් ගණන 496,535ක් වන අතර, සිදුව තිබූ මරණ සංඛ්‍යාව 18,586කි. එම මරණවලින් වැඩිම වාර්තා වීම නිව්යෝක් නගරයෙන් වන අතර එම අගය 5,820කි.
එමෙන්ම මේ දක්වා එරට රෝහල්ගතව සිටි කොවිඩ්-19 රෝගීන්ගෙන් සුවය ලබා තිබුණේ 28,790ක් තරම් සාපේක්ෂව ඉතා සුළු අගයකි.