ඇමෙරිකා එක්සත් ජනපද ආර්ථිකයේ පෙර නොවූවිරූ දෙදරීමක් පෙන්නුම් කර ඇති අතර, රාජ්‍ය ණය ගෙවීමේදී රිපබ්ලිකන්වරුන්ගේ සහයෝගය නොලැබීමද ඊට හේතු වී තිබේ.
වත්මන් ජනාධිපති ජෝ බයිඩන් විසින් දැනටමත් පවතින සහ අනාගත සමාජ ව්‍යාපෘති සඳහා සිදුකරන අරමුදල් කපා දමන ලෙසට ඔවුන් ඉල්ලීම් කර ඇති අතර, එසේ නොමැති වුවහොත් රටේ ණය ගෙවීමට ඔවුන්ගේ සහයෝගය නොලැබෙනු ඇත.
මේ සියලු කාරණා සමග ගෝලීය ආර්ථික බලවතා ලෙස ඇමෙරිකාව දරණ භූමිකාවට මෙය බලවත් පහරක් විය හැකි බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.