ඇමසොන් නිර්මාතෘ ජෙෆ් බෙසොස් සිය පෙම්වතිය වූ ලෝරන් සැන්චේස් සමග විවාහ ගිවිසගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි.
කෙසේ වෙතත්, ඔවුන්ගේ විවාහය පැවැත්වෙන දිනයක් සම්බන්ධයෙන් මෙතෙක් වැඩිදුර තොරතුරු වාර්තා නොවේ.
සැන්චේස් හිටපු මාධ්‍යවේදිනියක වන අතර, පසුව ඇය ධනවතෙකු බවට පත්විය. ඔවුන් දෙදෙනාගේ සබඳතාව මුලින්ම ප්‍රසිද්ධියට පත්වූයේ වර්ෂ 2019 දීය.
බෙසොස් මෙන්ම සැන්චේස්ද මීට පෙර විවාහ වූ අයවලුන් වන අතර, ඔවුන් සිය දික්කසාදයන්ගෙන් පසුව මෙසේ ප්‍රසිද්ධියේ පෙනී සිට තිබුණි.