ටයිටැනික් නෞකාවේ සුන්බුන් සොයාගිය ගැඹුරු මුහුද ගවේෂණය කරන සබ්මැරීනයක් අතුරුදන්වීමේ පුවතක් වාර්තා වෙයි.
ඕෂන්ගේට් සමාගමට අයත් මෙම සබ්මැරීනය ටයිටැනික් නෞකාව වෙත ගමන් කරමින් තිබියදී මෙසේ අතුරුදන් වී ඇති අතර, එය සෙවීම සඳහා දැවැන්ත මෙහෙයුමක් මේ වනවිට අරඹා තිබේ.
උතුරු අත්ලාන්තික් සාගරයේ ගිලීගිය ටයිටැනික් නෞකාවේ සුන්බුන් සොයාගිය පිරිස අතර බිලියනපතියන් දෙදෙනෙකු මෙන්ම, එක් බිලියනපතියෙකුගේ වයස අවුරුදු 19ක පුතුද සිටින බව සඳහන් වේ.
ඒ අනුව, මෙම සබ්මැරීනයේ පිරිසට පැය 96කට පමණක් ජීවිතය රැකගැනීමට අවශ්‍ය ඔක්සිජන් ඇති බැවින්, මෙම පිරිස නිරුපද්‍රිතව බේරාගැනීමේ මෙහෙයුම කාලයත් සමග සිදුකරන සටනක් බවට පත්ව තිබේ.
කෙසේ වෙතත්, මෙම පිරිස රැගත් සබ්මැරීනය ගැඹුරු මුහුදු පත්ලේ සිරවී ඇත්නම් එය ගලවා ගැනීමේ සම්භාවිතාව ඉතා විරල බවද කියැවේ.