ෆේස්බුක් සමාජ ජාලය සම්බන්ධයෙන් පැන නැගුණු අර්බුද හමුවේ වුවද තවදුරටත් එහි නායකත්වය දැරීමට සුදුසුම පුද්ගලයා තමා බව මාර්ක් සකර්බර්ග් අවධාරණය කරයි.
ෆේස්බුක් සමාජජාලය සම්බන්ධයෙන් පසුගිය කාලය පුරාවටපැන නැගුණු අර්බුද හමුවේ මේ වනවිට ඔහුගේ නායකත්වය සම්බන්ධයෙන් යම් ප්‍රශ්න කිරීම සිදුවෙමින් පවතී. ඊට පිළිතුරු වශයෙන් සකර්බර්ග්,
"ලෝකයේ පෙර නොවූවිරූ ෆේස්බුක් වැනි නිර්මාණයක් ඔබ විසින් ගොඩනැගුවාම, ඇතැම් අවස්ථාවල එහි යම් අර්බුද ඇතිවිය හැකියි."
"අපේ වැරදි තුළින්ම අප ඉගෙන ගෙන වගකිව යුතු නිර්මාණයක් ජනතාව වෙත ලබාදෙන තෙක් ඔවුන් අප සමග රැඳී සිටීනු ඇතැයි කියා මා විශ්වාස කරනවා" යැයි පවසා සිටියේය.
සිය නායකත්වය සම්බන්ධයෙන් සමාගම තුළ යම් ප්‍රශ්න කිරීමක් ඇති වූයේ දැයි මාර්ක් සකර්බර්ග්ගෙන් මාධ්‍ය විමසන විට ෆේස්බුක් ප්‍රධාන විධායක නිලධාරීවරයා මෙන්ම, ෆේස්බුක් සමාගමේ අධ්යක්ෂ මණ්ඩලයේ සභාපතිවරයාද වන ඔහුගේ පිළිතුර වූයේ එවැන්නක් සිදු නොවන බවකි.
පසුගිය සමයේදී තෙවැනි පාර්ශ්වයක් විසින් ෆේස්බුක් පරිශීලකයන්ගේ පෞද්ගලික දත්ත ඔවුන්ගේ ප්‍රවර්ධනයන්ට යොදාගැනීම මෙන්ම, ව්‍යාජ පුවත් හා විවිධ ප්රචාරක කටයුතුද ඒ හරහා සිදුකිරීමේ චෝදනා එකිනෙක ඉස්මතු වන විට ෆේස්බුක් සමාජජාලය තවදුරටත් මෙහෙයවීමට මාර්ක් සකර්බර්ග් සුදුස්සෙකුදැයි යන පැනය ඉදිරිපත් කළේ ඇතැම් අර්බුද ඔහුගේ පාලනයෙන් ඔබ්බෙහි පවතින බව පෙන්වා දෙමිනි.