ඇමෙරිකාවේ රාත්රී සමාජශාලාවක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව, තවත් 14 දෙනෙකු තුවාල ලබා තිබේ.
ෆ්ලොරීඩා ප්රාන්තයේ, ෆෝට් මයර්ස් හි රාත්රී සමාජශාලාවකදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බව රොයිටර් පුවත් සේවය පවසයි.
ක්ලබ් බ්ලූ නමැති රාත්රී සමාජශාලවේ නව යොවුන් වියේ තරුණ තරුණියන් පිරිසක් විසින් පැවැත්වූ උත්සවයක් අතරතුර මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර, මේ සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට පත්ව තිබේ.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් ෆෝට් මයර්ස් පොලීසිය මෙතෙක් ප්රකාශයක් නිකුත් කර නොමැති බවද කියයි.
මීට මසකට පෙර ඇමෙරිකාවේ, ෆ්ලොරීඩාවේ, ඔර්ලන්ඩෝ නගරයේ රාත්රි සමාජශාලාවක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 49 දෙනෙකු ජීවිතක්ෂය පත්වීමේ සිදුවීමට පසුව මෙම සිදුවීම වාර්තා වී තිබේ.