ළමයින් යොදාගෙන නිර්මාණය කළ අසැබි වීඩියෝ අන්තර්ජාලයට මුදාහරින මූලස්ථානයක් පාසලක පවත්වාගෙන යන්නේ යැයි ලැබුණු තොරතුරු මත එම පාසල වැටලූ පිලිපීනයේ ජාතික පරීක්ෂණ කාර්යාංශයේ නිලධාරීන් විසින් එම පාසලේ විදුහල්පතිනිය ඇතුළු තවත් අට දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පිලිපීනයේ මැනිලා නුවර පිහිටි 'මවුන්ටන්ටොප් ක්‍රිස්ටියන් ඇකඩමි' යනුවෙන් හැඳන්වූ මෙම පාසලේ කාමරයක් යොදා ගනිමින් අසැබි වීඩියෝ හා ඡායාරූප අන්තර්ජාලයට මුදාහැරීමට කටයුතු කර ඇති බව ජාතික පරීක්ෂණ කාර්යාංශයේ, සයිබර් අපරාධ පරීක්ෂණ ප්‍රධානී රොනල්ඩ් අගූටෝ පෙන්වා දෙයි.
මේ වනවිට තවදුරටත් පරීක්ෂණ සිදුවන බවත් දැනට සිදුකෙරී ඇති පරීක්ෂන අනුව පාසලේ දරුවන් මෙම අසැබි වීඩියෝ හෝ ඡායාරූප සඳහා යොදා ගෙන නොමැති බවට විශ්වාස කරන බවත් අගූටෝ පවසා සිටියි.
මේ අතර කටඋත්තරයක් ලබාදෙමින් විදුහල්පතිනිය පවසා ඇත්තේ පෞද්ගලික පාසලක් වන තම පාසල පවත්වාගෙන යෑමට ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් ලැබෙන මුදල් ප්‍රමාණවත් නොවන නිසා එහි පරිගණක කාමරය පිටස්තර පිරිසකට බදු දී තිබූ බවයි. කෙසේ වෙතත්, එහි අසැබි වීඩියෝ අන්තර්ජාලයට මුදාහැරීමක් සිදුවන බව ඇය දැන සිටි බව පැවසෙයි.
වර්තමානය වනවිට පිලිපීනය ළමා අසැබි වීඩියෝ සම්බන්ධයෙන් දැඩි අර්බුදයකට ලක්ව සිටින්නේ, ළමා අසැබි වීඩියෝ හා ඡායාරූප නිපදවීමේ මූලස්ථානයක් බවට පත්වෙමිනි.
මෙය මහා පරිමාණ ව්‍යාපාරයක් කරගත් විදේශිකයන්ද මේ වනවිට පිලිපීනයේ රැඳී සිටිමින් ළමා අසැබි වීඩියෝ හා ඡායාරූප සකසමින් ඒවා අන්තර්ජාලයට මුදාහරින බවත්, එරට තුළ පවතින දරිද්‍රතාව හා නීතියේ හිදැස් නිසා මෙය පිලිපීනය වෙලාගත් මහා ව්‍යසනයක් බවට පත්ව ඇති බවත් නම සඳහන් නොකළ පොලිස් නිලධාරියෙක් ප්‍රංශ පුවත් සේවයට පවසා තිබුණි.