හොංකොං හි මොංකොං දිස්ත්රික්කයේ සිටි ප්රජාතනත්රවාදී විරෝධතාකරුවන් ඉවත් කර පැය කිහිපයක් ගත වීමටත් පෙර නැවතත් ඔවුන් ඒ වෙත පැමිණ ඇති බව වාර්තා වෙයි.
කැරලිමර්දක පොලීසිය විසින් විරෝධතාකරුවන් 9000ක් පමණ එම දිස්ත්රික්කයෙන් ඉවත් කිරීමට කටයුතු කරමින් සමස්ත පාලනය පොලීසිය යටතට ගෙන තිබුණි.
සති කිහිපයක සිට නගරයේ ප්රදේශ රැසක රැඳී සිටි විරෝධතාකරුවන් එකහෙලාම කියා සිටියේ 2017 වසරේ පැවැත්වෙන මැතිවරණයේදී චීන අතපෙවීමක් සිදු නොවිය යුතු බවයි.
ඊයේ සවස කැරලි මර්දක පොලීසිය විසින් උද්ඝෝෂකයන් ඉවත් කිරීමට කටයුතු කළ අතර, පුද්ගලයන් 27 දෙනෙකු අත්අඩංගුවටද ගනු ලැබීය.
කෙසේ වෙතත් මෙම ගැටුමේදී විරෝධතාකරුවන් හා පොලීසිය අතර ඇතිවූ උණුසුම් තත්ත්වය හේතුවෙන් පොලිස් නිලධාරීන් 15 දෙනෙකුද තුවාල ලැබීය.