හොංකොං විරෝධතාවට එරෙහිව කටයුතු කරන මුහුණු ආවරණය කර ගත් සිය ගණනක කණ්ඩායමක් හොංකොං දූපතේ උද්ඝෝෂණ පැවැත්වෙන ස්ථානයක් වටා තිබූ මාර්ග බාධක ගලවා ඉවත් කිරීමට උත්සාහ කළ බව වාර්තා වෙයි.
එම අවස්ථාවේ ප්රජාතන්ත්ර හිතවාදී උද්ඝෝෂණකරුවන් සහ ඉහත කී කණ්ඩායම ගැටුමක්ද හටගෙන ඇති බවද පැවසෙයි.
හොංකොං පොලීසිය උදෑසනින්ම පැමිණි මාර්ග බාධකවලින් යම්කිසි ප්‍රමාණයක් ඉවත් කළ අතර, ඉන් පැය කිහිපයකට පසුව මෙම පිරිසද එම ස්ථාන වෙත කඩා වැදී මෙසේ බලහත්කාරයෙන් මෙම බාධක ගලවා ඉවත් කර තිබේ.
උද්ඝෝෂණ හේතුවෙන් ඇති වී තිබෙන මාර්ග තදබදය අවම කිරීමට පමණක් උත්සහ කළ බව පවසන හොංකොං පොලිසිය තෙවන සතියටත් පැවැත්වෙන උද්ඝෝෂණ කඩාකප්පල් කිරීමට තැත් නොකළ බව පැවසුවේය.
දැනට සති කිහිපයක සිට හොංකොං දූපතට පූර්ණ ප්රජාතන්ත්රවාදයක් ලබාදෙන ලෙස ඉල්ලා එරට විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ප්රමුඛ උද්ඝෝෂකයන් දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් අරඹා තිබේ.
කෙසේ වෙතත්, එරට ප්‍රධාන විධායක සී වයි. ලියුන්ග් පවසන්නේ එවැන්නක් සිදුවීමේ සම්භාවිතාව ඉතා අවම මට්ටමක පවතින බවයි.