ඇඩොල්ෆ් හිට්ලර් වර්ෂ 1889 දී උපත ලැබූ ඔස්ට්‍රියාවේ පිහිටි නිවස අත්පත් කරගැනීමට එරට රජය සූදානම් වෙයි.
මෙම නිවස, නාසි හිතවාදීන්ගේ වන්දනීය ස්ථානයක් බවට පත්වීම වැළැක්වීමේ මෙසේ නිවස අත්පත් කරගැනීමේ අරමුණ බව කියයි.
මේ වනවිට එම නිවසේ හිමිකාරීත්වය දරණ විශ්‍රාමික කාන්තාව කිහිප අවස්ථාවකදීම එහි අයිතිය රජයට විකිණීම ප්රතික්ෂේය කර තීබිම නිසා, විශේෂ පනතක් මගින් නිවස රජය වෙත අත්පත් කරගැනීමට සූදානම් වෙයි.
හිට්ලර් උපත ලබා තිබූ මෙම නිවස බටහිර ඔස්ට්‍රියාවේ බ්රෝනාවු නමැති, ඉතා කුඩා නගරයේ ඉතා හොඳ තත්ත්වයෙන් තවමත් පවතී.