ප්‍රංශයේ රොන් නගරයේ කතෝලික දේවස්ථානයකදී ඉස්ලාම් අන්තවාදීන් අතින් ගෙල සිඳ ඝාතනය වූ ජේකස් හැමෙල් පියතුමාගේ අවමංගල්‍ය උත්සවය සඳහා දහස් ගණන් ජනයා සහභාගී විය.
දේවස්ථානයේදී සිදුවන විශේෂ දේව මෙහෙයකින් අනතුරුව පියතුමාගේ දේහය පෞද්ගලික භූමදානයක් සිදුව තිබේ.
ප්‍රංශයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය බර්නාඩ් කැසනුවේ සහ රෝමානු කතෝලික පල්ලියේ පියතුමන්ලා රැසක් මෙම දේව මෙහෙය සඳහා සහභාගී වීමට නියමිතය.
හැමෙල් පියතුමා උදෑසන දේව මෙහෙයක් පවත්වමින් සිටි අතරවාරයේදී දේවස්ථානයට ඇතුළු වූ ඉස්ලාම් අන්තවාදීන් දෙදෙනෙකු අල්තාරය මතදී පියතුමාගේ ගෙල සිඳ තිබුණි.