හංගේරියාවේ අන්ත දක්ෂිණාංශික අගමැති අපේක්ෂක හා හිටපු අගමැති වික්ටර් ඕර්බන් තෙවැනි වතාවටත් එරට අගමැති ධුරයට තේරීපත්ව තිබේ.
ඉරිදා පැවති හංගේරියානු මහ මැතිවරණයෙන් තෙවැනි වරටත් බලයේ සිටීමට ඔහුට අවස්ථාව හිමිව ඇති අතර, ඔහු නියෝජනය කරන ෆිඩේස් පක්ෂයට තුනෙන් දෙකක බහුතර බලයක් ලබාගැනීමට හැකිවනු ඇතැයිද පුරොකථනය කෙරෙයි.
54 වැනි වියෙහි පසුවන වික්ටර් මෙවර මැතිවරණය මෙහෙයවනු ලැබුවේ සංක්රමණ විරෝධී පසුබිමක සිටය.
මෙවර මැතිවරණයෙන් හංගේරියානු ජනතාවට මෙන්ම, හංගේරියාවට සිය ආරක්ෂාව තහවුරු කරගැනීමට හැකිවනු ඇති බව ජයග්රහණයෙන් පසුව ජනතාව අමතමින් වික්ටර් පවසා සිටියේය.