හංගේරියාවේ මහ මැතිවරණයෙන් තෙවැනි වරටත් වත්මන් අගමැති වික්ටර් ඔර්බාන් බලයේ රැඳෙනු ඇති බව පූර්ව මැතිවරණ මත විමසුම්වලින් කියැවෙයි.
අද (08දා) එරට වේලාවෙන් පෙ.ව.6.00 ඡන්දය ප්රකාශ කිරීම ආරම්භ කෙරුණු අතර, අගමැති වික්ටර් සහ ඔහුගේ අන්ත දක්ෂිණාංශික ෆිඩේසස් පක්ෂය ඒකක 20ක් හෝ ඊට වඩා ඉදිරියෙන් සිටිනු ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.
මැතිවරණයේ ඡන්දය අවසන් කිරීම අද (08දා) රාත්රී 7.00 ට සිදුවන අතර, මූලික ඡන්ද ප්රතිඵලය ඡන්දය අවසන් වී පළමු පැය කිහිපය තුළ නිකුත් කිරීමට බලධාරීහු බලාපොරොත්තු වෙති.
මේ අතර, ෆිඩේසස් පක්ෂය පාර්ලිමේන්තුවේ බහුතර බලයක් දිනාගැනීමට අපේක්ෂාවෙන් පසුවන අතර, ඔවුන්ට තුනෙක් දෙකක බලයක් හිමිවනු ඇති බවටද දේශපාලන විචාරකයන් පුරෝකථන ලබාදී තිබුණි.