සෞදි අරාබිය තුළ මර්ස් කොරෝනා වෛරසය හේතුවෙන් මරණයට පත්වූ පුද්ගලයින් සංඛ්‍යාව 100 ඉක්මවා ඉහළ ගොස් ඇති බව එරටින් වාර්තා වෙයි.
මෙම වෛරසය පැතිරීම මුලින්ම අනාවරණය කෙරුණු 2012 වසරේ සිට මේ දක්වා දත්තයන් විශ්ලේෂණය කරමින් මියගිය පිරිස 102ක් බව සෞදි අරාබිය කියයි.
ආසන්නතම සිදුවීම ලෙස පුද්ගලයන් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, මිය ගිය අය අතරින් එක් අයෙකු සෞදි අරාබියේ සිට ඊජිප්තුව බලා ගිය පුද්ගලයෙකු බව පැවසෙයි.
ඒ අනුව ඊජිප්තුව තුළත් මර්ස් කොරෝනා වෛරසය හඳුනා ගැණුනු ප්‍රථම අවස්ථාවද මෙය බව පැවසෙයි.
මේ දක්වා සෞදි අරාබිය තුළ සිදුවීම් 313ක් වාර්තා වී තිබෙන අතර ආසන්න කාල සීමාවේදී සිදුවීම් 14ක් වාර්තා වී ඇතැයි සඳහන්ය.
අධික උණ, නියොමෝනියාව සහ වකුගඩු අක්‍රීය වීම යන තත්ත්වයන් මාර්ක් කොරෝනා වෛරසය ශරීරගත වූවන්ට දක්නට ලැබෙන රෝග ලක්ෂණයන්ය.