මීට මාසයකට පෙර මුහුදුබත් වූ සෙවොල් නමැති දකුණු කොරියානු මගී යාත්‍රාවේ කපිතාන්වරයාට සහ කාර්ය මණ්ඩලයේ තවත් ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් තිදෙනෙකුට එරෙහිව මිනීමැරීමට තැත් කිරීමේ චෝදනා යටතේ නඩු පවරා ඇති බව වාර්තා වෙයි.
68 වැනි වියෙහි පසුවන ලී ජූන්-සෙඔක් ඇතුළු සෙසු පිරිසට මේ ආකාරයෙන් නඩු පැවරරෙන්නේ මගීන්ට යාත්‍රාවේ රැඳී සිටින ලෙස උපදෙස් ලබාදී පසුව යාත්‍රාව අතහැර දමා පළා යෑමේ චෝදනාවන් ගොනුවෙමින් බවද කියැවෙයි.
එමෙන්ම, ඒ අවස්ථාවේදී යාත්‍රාවේ සේවය කළ තවත් නැවියන් 11 දෙනෙකුට රාජකාරී පැහැර හැරීමේ චෝදනා ගොනු කොට ඇති බව පැවසෙයි.
පසුගිය මාසයේදී මෙම නෞකාව දකුණු කොරියානු මුහුදේදී මුහුදුබත් වීමෙන් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුළු 300කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ.
ඔවුන්ගෙන් වැඩි පිරිසක් සෝල් අගනුවර ආසන්නයේ උසස් පාසලක සිසුන් වූ අතර, ජීවිත බේරාගත් පිරිස 172ක් විය.
සෙවොල් යාත්‍රාව මුහුදුබත් වන අවස්ථාවේදී එය දකුණු කොරියාවේ ඉන්චන් සිට ජෙජු දූපත බලා යාත්‍රා කරමින් පැවතිණි.