සිරියාවේ ක්‍රියාත්මක IS ඉස්ලාම් ත්රස්තවාදීන් වෙත සිය ප්‍රථම ගුවන් ප්‍රහාරය ඔස්ට්‍රේලියාව එල්ල කර තිබේ.
සිරියාව හා ඉරාකය කේන්ද්‍ර කරගත් IS ඉස්ලාම් රජ්‍යයට එරෙහි ඒකාබද්ධ සන්ධානයේ කොටස්කරුවෙකු වන ඔස්ට්‍රේලියාව සඳුදා දිනයේ ගුවන් ප්‍රහාර තුනක් එල්ල කර තිබේ.
එහිදී, අන්තවාදීන්ගේ හමුදා රථයක්, ඉන්ධන එක්රැස් කිරීමේ ස්ථානයක් විනාශ වී ඇති බව ඇමෙරිකානු හමුදා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
කෙසේ වෙතත්, දැනට මාස 12ක පමණ කාලයක සිට ඔස්ට්‍රේලියානු ගුවන් හමුදා ඉරාකයේ ඉස්ලාම් රාජ්‍ය අන්තවාදීන් ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කරයි.