ඊජිප්තුවේ හිටපු හමුදා ප්‍රධානී අබ්දුල් ෆටාහ් අල්-සිසී එරට නව ජනාධිපතිවරයා ලෙස අද (08දා) දිවුරුම් දුන්නේය.
පසුගිය මැයි මාසයේ පැවති ජනාධිපතිවරණයෙන් දැවැන්ත ජයග්‍රහණයක් ලැබූ සිසීගේ දිවුරුම්දීම ජනතාව ප්‍රීතිඝෝෂා නඟමින් සමරන ආකාරය දැකිය හැකි විය.
මෙවර මැතිවරණය ප්රජාතන්ත්රවාදී, සාමකාමී බල හුවමාරුවක් බව පවසා සිටි ඔහු, එය ඊජිප්තු ජාතියේ ඓතිහාසික, හැරවුම් ලක්ෂයක් බවද පවසා සිටියේය.
මේ අතර, ජනාධිපතිවරයා දිවුරුම් දෙන අවස්ථාවේදී කයිරෝ අගනගරයේ මෙන්ම, දිවුරුම්දීම සිදුවූ ශ්‍රේෂ්ඨාධිකරණයේ හා තවත් වැදගත් ස්ථාන කිහිපයක ආරක්ෂාව තර කර තිබුණි.
මෙම හිටපු සෙන්පතියා පසුගිය වසරේ ජූලි මාසයේදී ඊජිප්තුවේ හිටපු නායක මොහොමඩ් මොර්සි බලයෙන් එළවා දැමීමට සමත් විය.
නමුත්, එරට බලයට ඒම සඳහා මැතිවණයක් වෙනුවෙන් මෙතරම් කාලයක් ඔහුට බලා සිටීමට සිදුවූයේ මොර්සිගේ මුස්ලිම් සහෝදරත්වය ඊට ඉඩ ලබානොදෙමින් දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් ගෙන ගිය බැවිනි.