ප්‍රංශ ජනාධිපතිවරයාගේ අනියම් සම්බන්ධතාව මාධ්‍යයේ පැතිරීමත් සමග ජනපති ආර්යා වැලෙරි ට්රයර්වෙයිලර් හදිසියේ රෝහල් ගතකර ඇති බව වාර්තා වෙයි. ජනාධිපති ආර්යාවගේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ විවේක ගැනීම් හා වෛද්‍ය පරීක්ෂණ කිහිපයක් වෙනුවෙන් ජනපති ආර්යාව රෝහල කරගත ඇති බවයි.
ප්‍රංශ ජනාධිපති ප්රංශුවා හොලන්ඩේ විවාහයකින් තොරව සිය සහකාරිය බවට පත්කර ගෙන සිටින ජනපති ආර්යාව මෙසේ රෝහල් ගත කර ඇත්තේ එරට ක්ලෝසර් ටැබ්ලොයිඩ් පුවත්පතේ නවතම සංස්කරණයෙහි පිටු හතක් පුරා ජනාධිපතිවරයාගේ හා ජූලි ගෙයිට් නමැති රංගන ශිල්පිනියගේ විස්තර හා ඡායාරූප සමගින් විශේෂාංග ලිපියකින් තොරතුරු පළවීමෙන් පසුවය.
41 හැවිරිදි ගෙයිට් රූපවාහිනී හා සිනමා නිළියකි. ඇය චිත්‍රපට 50කට පමණ රංගනයෙන් දායක වී ඇති අතර, හොලන්ඩේ ජනාධිපතිවරයාගේ මැතිවරණ ව්‍යාපාරයේ රූපවාහිනී දැන්වීමකද පෙනී සිට ඇත.