මහා බ්‍රිතාන්‍යයෙන් වෙන්ව ස්වාධීන රාජ්‍යයක් ලෙස කටයුතු කරන්නේද යන්න සලකා බැලෙන දෙවැනි ජනමතවිචාරණයක් සම්බන්ධයෙන් ලබන වසරේදී සලකා බලන බව ස්කොට්ලන්ත ප්‍රථම අමාත්‍යවරිය පවසයි.
බ්‍රික්සිට් ජනමතවිචරණයේදී යුරෝපා සංගමයෙන් ඉවත් නොවිය යුතු බවට ස්කොට්ලන්ත ජනතාව ලබාදුන් ජනමතය ආරක්ෂා නොකර, බ්‍රිතාන්‍යය ඒකමතිකව යුරෝපා සංගමයෙන් ඉවත්වීමට කටයුතු කළහොත් මෙවැනි පියවරකට යන බව නිකොලා ස්ටර්ජිඕන් පවසා සිටියාය.
එමෙන්ම, ඇය වැඩිදුරටත් පවසා සිටියේ ස්කොට්ලන්තයට බ්‍රිතාන්‍ය සමග මෙන්ම, යුරෝපා සංගමය සමගද රැඳී සිටිය හැකි බවයි.