තායිලන්තයේ හමුදා කුමන්ත්‍රණයට එරෙහිව සිදුවන ඕනෑම ආකාරයක උද්ඝෝෂණයක් වැළැක්වීමේ අරමුණින් එරට හමුදාව විසින් බැංකොක් අගනුවර හමුදාව යොදවා ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව, නගර මධ්‍යයේ කොටසක් ගමනා ගමනය අවහිර කර ඇති අතර, ඇතැම් දුම්රිය ස්ථාන වසා දමා ඇති බවද කියැවෙයි.
හමුදාව මේ ක්‍රියාමාර්ගය ගෙන ඇත්තේ, ක්‍රියාධරයන් විසින් සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ රට පුරා දැවැන්ත උද්ඝෝෂණයකට ආරාධනා කිරීම හේතුවෙනි.
පසුගිය මැයි 22 වැනිදා තායිලන්ත හමුදාව රටේ බලය අල්ලා ගනු ලැබුවේ දින කිහිපයක් ප්‍රධාන දේශපාලන පක්ෂවල නායකයන් සමග සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුවය.
මාස කිහිපයක් පුරා රටේ පැවති ආරාජික තත්ත්වයට පිළියම් ලෙස මෙම සාකච්ඡා පැවැත්වෙන බව හමුදාව කියා සිටියත්, අවසානයේ හමුදා කුමන්ත්රණයකින් රට අල්ලා ගැනීමට කටයුතු කළේය.