යුරෝපයට ඇතුළු වීමට පැමිණි සංක්‍රමණිකයන් 6,500ක් පමණ ලිබියාවට ඔබ්බෙන් වූ මුහුදේදී බේරාගැනුණු බවත්, එය එදාමෙදා තුර සිදුකළ දැවැන්ත මෙහෙයුමක් බවත් ඉතාලි වෙරළාරක්ෂක බළකාය කියයි.
ලිබියාවේ, සබ්රතා නගරයට කිලෝමීටර් 20ක් පමණ ඔබ්බෙන් වූ මුහුදේදී ඒකාබද්ධ මුදාගැනීමේ මෙහෙයුම් 40ක් පමණ ක්‍රියත්මක වෙමින් මෙම සංක්‍රමණිකයන් මුහුදේ ගිලීමට නොදී බේරාගත් බව කියැවෙයි.
එරිත්‍රියාව, ඉතියෝපියාව ආදී රටවල සංක්‍රමණිකයන් රැසක් මෙහිදී මුදාගෙන ඇති අතර, මුදාගැනීමේ කණ්ඩායම් පැමිණීමේදී ඔවුන් ඔල්වරසන් දෙමින් සිය බෝට්ටුමත සිටින දර්ශන විදෙස් මාධ්‍ය හරහා ප්‍රචාරය විය.
පසුගිය ඉරිදා දිනයේදීද මෙම කලාපයේදීම සංක්‍රමණිකයන් 1,100කට අධික පිරිසක් මුදාගෙන තිබුණි.
ලිබියාවේ පවතින දේශපාලන අස්ථාවරත්වය හේතුවෙන් මිනිස් ජාවාරම්වල කේන්ද්‍රස්ථානය බවට ලිබියාව පත්ව ඇත.