බංග්ලාදේශයේ පාලක අවාමි ලීගය විසින් පසුගිය ඉරිදා (5දා) පැවති ප්‍රචණ්ඩක්‍රියා බහුල මහ මැතිවරණයේ ජයග්‍රහණය හිමිකර ගන්නා ලදී. මෙම ජයග්‍රහණය බලාපොරොත්තු නොවූවක් නොවූයේ, එරට ප්‍රධාන විරුද්ධ පක්ෂය මැතිවරණය වර්ජනය කිරීම හේතුවෙනි.
මෙවර මැතිවරණයේදී එරට පාර්ලිමේන්තු ආසන 300 න් වැඩි ප්‍රමාණයක් නිතරඟයෙන් අවාමි ලීගයට හිමිවූ අතර, ඡන්ද පැවැති ආසනවලින්ද වැඩි බලයක් ලබමින් ෂෙයික් හසීනාගේ නායකත්වයෙන් යුතු අවාමි ලීගයට තුනෙන් දෙකක බලයක් හිමිව තිබේ.
ඡන්දය පැවති දිනයේදී ප්‍රචණ්ඩක්‍රියා හේතුවෙන් 18 දෙනෙකු මරණයට පත්වූ අතර, පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා හේතුවෙන්ද මේ වනවිට තිදෙනෙකු මරණයට පත්ව ඇති බව වාර්තා වෙයි. මේ තත්ත්වය තුළ ඡන්දය ප්‍රකාශ කිරීම 20% කට වඩා තරමක් වැඩි සුළු ප්රතිශතයක පැවති අතර, 2008 වසරේ පැවති මහ මැතිවරණයේදී 70% ක ඡන්ද ප්‍රකාශ කිරීමක් වාර්තා වී තිබිණි.
කෙසේ වෙතත්ඩබංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හසීනා මාධ්‍ය අමතමින් තම පක්ෂය සාධාරණ මැතිවරණ ජයග්‍රහණයක් ලබාගෙන ඇති බව පවසා සිටීමට මැළි නොවීය.
‘ප්රජාතන්ත්රවාදයේ අගය පිළිගනිමින් හා ත්‍රස්තවාදය කුණු කූඩයට දමමින් ජනතාව ස්ව කැමැත්තෙන් ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා. අපි අපේ රජය පිහිටුවනවා’ යැයි ඇය පවසා සිටියාය.