ලෝ ප්‍රකට ස්මාරකයක් ලෙස සැලකෙන ඉන්දියාවේ ටජ් මහල් ගොඩනැගිල්ලේ කහ වර්ණයෙන් යුතු පැල්ලම් ඉවත් කිරීම සඳහා විශේෂ මඩ ආවරණයක් යෙදීමට සැරසෙන බව ඉන්දියාවෙන් වාර්තා වෙයි.
ධවල වර්ණයෙන් යුතු කිරිගරුඬ පාෂාණයන්ගේ ස්වභාවික වර්ණය හා දීප්තිය නැවත ලබාගැනීම වෙනුවෙන් මෙම විශේෂ ප්‍රතිකාරය ටජ් මහල් ගොඩනැගිල්ල වෙනුවෙන් සිදුකරන බව පැවසෙයි.
17 වැනි සියවසේදී ඉදිකරන ලද මෙම ගොඩනැගිල්ල මෙවැනි ප්‍රතිකාරයකට ලක්වන සිව්වැනි අවස්ථාව මෙයයි.
අවසන් වරට මෙවැනි විශේෂ මඩ ආවරණයක් ලබාදෙමින් ටජ් මහල් හි දීප්තිය හා ස්වභාවික වර්ණය නැවත ලබාගෙන තිබුනේ 2008 වසරේදීය.
ඉන්දියාවේ අග්‍රා නගරයේ පිහිටා ඇති සොහොන් ගැබැක් ලෙස මෙම ලෝ ප්‍රකට ගොඩනැගිල්ල නිර්මාණය වූයේ ෂා ජහාන් නමැති මෝගල් අධිරාජ්‍යයාගේ දේවිය වූ මුම්ටාස් සිහිවීම වෙනුවෙනි.