ලෙබනනයේ අල්-කයිඩා නායක මජීඩ් අල්-මජීඩ් පොලිස් අත්අඩංගුවේ සිටියදී මරණයට පත්ව ඇති බව එරට හමුදාව පවසයි. සෞදි ජාතිකයෙකු වූ මජීඩ්, සෞදි අරාබියටද වඩාත් අතශ්‍යවශ්‍ය ත්‍රස්තවාදියෙකු ලෙස ඉදිරියෙන්ම සිටි අතර, ඔහු මැතකදී ලෙබනනයේදී අත්අඩංගුවට පත්ව ඇත.
බී.බී.සී.ය පෙන්වා දෙන පරිදි, ලෙබනනයේ හමුදා ප්‍රධානියෙකු මෙම මරණය තහවුරු කරමින් පවසා ඇත්තේ වකුගඩු අක්‍රීයවීමක් හේතුවෙන් හමුදා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මජීඩ් මරණයට පත්ව ඇති බවය.
අල්-කයිඩා සංවිධානයේ අබ්දුල්ලාහ් අසාම් නැමති ත්‍රස්ත කණ්ඩායම මෙහෙයවා ඇති මජීඩ්, මැදපෙරදිග කලාපයේ ප්‍රබල බෝම්බ පිපිරීම් රැසකට වගකිව යුත්තෙකු ලෙස සැලකෙයි. පසුගිය නොවැම්බරයේදී ජීවිත 23 ක් බිලිගත් බේරුට්හි ඉරාන තානාපති කාර්යාල ප්‍රහාරයද මෙම ත්‍රස්ත කණ්ඩායම විසින් මෙහෙයවා ඇති බව පැවසෙයි.