හිටපු පාපන්දු ශූරයෙකු වූ ජෝර්ජ් වියර් ලයිබීරියානු ජනාධිපතිවරයා ලෙස තේරීපත්ව තිබේ.
අඟහරුවාදා පැවති මැතිවරණයේ සියලු ඡන්ද ගණන් කිරීම් මේ වනවිට අවසන්ව ඇති අතර, තේරීපත් ජෝර්ජ් වියර් විරුද්ධ පක්ෂ අපේක්ෂක ජෝසෆ් බෝකායිට වඩා 60%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන ඉදිරියට පැමිණ සිටි බව විදෙස් වාර්තා පවසයි.
ඔහුගේ ජයග්‍රහණය තහවුරු වීම ප්‍රකාශයට පත්වීමත් සමග ආධාරකරුවන් මොන්රෝවියා අගනුවරට රැස්ව ප්‍රීතිඝෝෂා පවත්වමින් හිටපු පාපන්දු ශූරයාගේ ජයග්‍රහණය සමරා තිබේ.
අප්‍රිකානු කලාපයේ ඡන්දයෙන් තේරීපත් පළමු වැනි ජනාධිපතිනිය ලෙස කටයුතු කළ එලන් ජොන්සන් සර්ලීෆ්ගෙන් පුරප්පාඩු වූ ධුරයට වියර් තේරීපත් වූ අතර, මෙවර මැතිවරණය දශක කිහිපයකට පසුව ලයිබීරියාව තුළ ප්රජාතන්ත්රවාදී බල හුවමාරුවක් ලෙසද ඉතිහාසගත විය.
දේශපාලනයට පැමිණීමට පෙර පාපන්දු ක්‍රීඩකයෙකු ලෙස කටයුතු කළ වියර් යුරෝපීය පාපන්දු සමාජ අතර පී.එස්.ජී සහ ඒසී මිලාන් ආදී කණ්ඩායම් නියෝජනය කළ ඔහු, බ්‍රිතාන්‍යයේ චෙල්සී සහ මැන්චෙස්ටර් සිටි පාපන්දු කණ්ඩායම්ද නියෝජනය කළ ප්‍රබල ක්‍රීඩකයෙකි.
ෆිෆා වසරේ පාපන්දු ක්‍රිඩකයා සහ බැලන් ඩි'ඔර් යන සම්මාන ද්විත්වයකින් පිදුම් ලැබූ එකම අප්‍රිකානු පාපන්දු ක්‍රීඩකයාද ඔහුය.