රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රෝව් සමග පැය හතරකට වඩා වැඩි කාලයක් පැවති සාකච්ඡාවලින් පසුව ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා මාධ්‍ය අමතමින් කියා සිටියේ යුක්රේනය වෙත රුසියානු හමුදා ආක්‍රමණයක් සිදු නොවනු ඇති බවයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා පවසා සිටියේ ක්රිමියාව රුසියාවේ කොටසක් බවට පත්කර ගැනීම නීතිවිරෝධී සහ ව්‍යවස්ථා විරෝධී කටයුත්තක් බව තමන් රුසියානු විදේශ අමාත්‍යවරයාට දන්වා සිටි බවයි.
එහිදී යුක්රේනයේ අනාගතය පිළිබඳ කිසිදු තීරණයක් කියෙව් පාලනයේ මැදිහත්වීමකින් තොරව සිදු නොවන බවද රුසියානු විදේශ අමාත්‍යවරයා පවසා සිටි බව කෙරී පවසයි.
යුක්රේන අර්බුදය සම්බන්ධ සාකච්ඡා සඳහා ඊයේ දිනයේදී ප්‍රංශයේ පැරීස් නුවරට පැමිණි ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී සහ රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රෝව් අතර සාකච්ඡා පිළිබඳව ලොවම විමසිල්ලෙන් බලා සිටියේය.
පසුගිය සිකුරාදා දිනයේදී රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටීන් විසින් ඇමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමා වෙත දුරකථනයෙන් කතා කිරීමෙන් පසුව මෙම හමුවට මාර්ගය විවර වූ බව පැවසෙයි.
මේ වනවිටත් රුසියාව ක්රිමියාව ආක්‍රමණය කර ඇති අතර, තවත් දහස් ගණන් රුසියානු හමුදා යුක්රේන දේශසීමාවේ කඳවුරු බඳිමින් සිටින බවට වාර්තා පළ විය.