සිරියාවේ මානුෂීය මෙහෙයුම්වල නිරත රුසියානු ගුවන් හමුදාවට අයත් Mi-8 වර්ගයේ හෙලිකොප්ටරයක් වෙඩි තබා බිම හෙළා ඇති බව විදෙස් වාර්තා පවසයි.
ඇලෙප්පො හිදී මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර, ඉන් යානයේ ගමන් කළ පස් දෙනාම ජීවිතක්ෂයට පත්ව ඇති බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය කියයි. එම අවස්ථාවේදී යානයේ කාර්ය මණ්ඩලයේ තිදෙනෙක් සහ සංහිඳියාව පිළිබඳ ආයතනයේ දෙදෙනෙක් එහි සිටි බව කියයි.
ඇලෙප්පෝ නගරය වෙත මානුෂීය ආධාර තොගයක් ප්‍රවාහනය කර යළි පැමිණෙමින් සිටියදී මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර, ප්‍රහාරය සිදුකළේ කවර කණ්ඩායමක්ද යන්න මෙතෙක් අනාවරණය වී නැත.