රුසියානු හිතවාදීන් විසින් රඳවාගෙන සිටින සියලුම ජාත්‍යන්තර නිරීක්ෂකයන් මුදවා ගැනීමට තමන්ට හැකි සියලුම දේ කරන බව මොස්කව් පාලනය අද පවසා ඇති බව විදෙස් පුවත් සේවා පවසයි.
යුරෝපා සංගම් සාමාජිකයන් මෙන්ම G7 නායකයන් රුසියාවට සම්බාධක පැනවීම සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා පැවැත්වීමට ලබන සතියේදී සූදානම් වන වාතාවරණයක රුසියාව මෙම යහපත් ප්‍රතිචාරය දක්වා ඇති බව පැවසෙයි.
රුසියාව නැගෙනහිර යුක්රේනය අස්ථාවර කිරීමේ බෙදුම්වාදීන් ගේ උත්සාහයන්ට සහය දෙනු ලබන බවට චෝදනා කරමින් රුසියාවට සම්බාධක පැනවීම සඳහා ඉක්මනින් ක්‍රියාත්මක විය යුතු යැයි G7 කණ්ඩායමේ රටවල්වල නායකයන් විසින් එකඟතාවකට පැමිණ තිබුණි.
මෙම සම්බාධක ආර්ථික, වෙළෙඳ සහ මූල්‍ය අංශවලට පමණක් සීමා නොවන්නේ යැයි ද ඔවුන් විසින් අවධාරණය කර තිබුණි. එහිදී පූටින් ජනාධිපතිවරයාට සමීප පුද්ගලයන් සහ ව්‍යාපාර ඉලක්ක කෙරෙන මෙම සම්බාධක සඳුදා වනවිට හඳුන්වාදීමට අදහස් කරන බව ධවල මන්දිරය පවසා තිබුණි.
කෙසේ වෙතත්, බටහිර ජාතීන් උත්සාහ කරන්නේ යුක්රේනයේ පාලනය අල්ලාගැනීමට යැයි රුසියාව චෝදනා කරන තිබුණු අතර, මොස්කව් පාලනය විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමට සැරසෙන්නේ යැයි යුක්රේන රජයද බියෙන් පසුවිය.
ඊයේ වනවිට රුසියානු ප්‍රහාරක යානා යුක්රේන දේශසීමා උල්ලංඝනය කරමින් පියාසර කර ඇති බවට ඇමෙරිකාව චෝදනා කළේය.
මෙවැනි වාතාවරණයක අද දිනයේ දුරකථනය ඔස්සේ ජර්මානු විදේශ අමාත්‍යවරයා ඇමතූ රුසියානු විදේශ අමාත්‍යවරයා යුක්රේනයේ ඇතිවී තිබෙන ගැටුම්කාරී වාතාවරණය සමනය කිරීමේ උත්සාහයන් ගැන සාකච්ඡා කර ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
රුසියානු හිතවාදීන් විසින් රඳවාගෙන සිටින ජාත්‍යන්තර නිරීක්ෂකයන් අතර ජර්මනිය, ඩෙන්මාර්කය, පෝලන්තය, ස්වීඩනය හා චෙක් ජනරජය යන රටවලට අයත් කණඩායමක් සිටින අතර, ඔවුන් මුදා ගැනීම සඳහා මේ වනවිටත් සාකච්ඡා පැවැත්වෙන බවද විදෙස් පුවත් සේවා වාර්තා කරයි.