රුසියාවේ කෙමෙරෝව් නගරයේ වෙළෙඳ හා ප්‍රසංග සංකීර්ණයක සිදුවූ ගිනි ගැනීමෙන් මියගිය පිරිස 64 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි.
ගල් අඟුරු නිෂ්පාදන නගරයක් ලෙස ප්‍රකට මෙම ප්‍රදේශයේ මියගිය වැඩිදෙනා කුඩා දරුවන් බව විදෙස් වාර්තා පවසයි.
වින්ටර් චෙරි සංකීර්ණයේ සිදුවූ මෙම ගිනි ගැනීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන රුසියානු විශේෂඥයන් පවසා තිබුණේ එම ගොඩනැගිල්ලේ ගිනි අනතුරු ඇඟවීමේ සංඥා පද්ධතියක් හෝ හදිසි අවස්ථාවකදී පිටවීම සඳහා අවශ්‍ය දොරටු තිබී නොමැති බවයි.
ගොඩනැගිල්ලේ ඉහළ මහලක මෙම ගින්න ඇතිවන අවස්ථාවේදී එහි වූ කඩා සාප්පු හා සිනමා ශාලාවේ පවා විශාල පිරිසක් රැඳී සිට ඇති බව කියැවෙයි.
සිද්ධිය වූ අවස්ථාවේදී තම ජීවිත බේරාගැනීම වෙනුවෙන් ඇතැම් දෙනා ගොඩනැගිල්ලේ ජනේලවලින් පනින අවස්ථා සමාජජාල මාධ්‍ය තුළින් වාර්තා වී තිබුණි.