යේමන ජනපති මන්සූර් හාඩි සෞදි අරාබියේ රියාද් නුවරට පළාගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි.
සෞදිය ප්රමුඛ ඒකාබද්ධ ගුවන් හමුදා විසින් යේමනයේ ෂියා හොවුති කැරලිකරුවන් ඉලක්ක කරමින් ගුවන් ප්රහාර ආරම්භ කිරීමත් සමග යේමන ජනාධිපතිවරයා මෙසේ සෞදිය වෙත ගොස් තිබේ.
කැරලිකරුවන් ආඩේන් නගරය වෙත පැමිණෙන විට ඔහු ජනාධිපති මන්දිරයෙන් නික්ම ගිය බවට පසුගිය බදාදා වාර්තා වීමෙන් පසු, ප්රථම වරට ජනාධිපතිවරයා විදෙස් ගත වී ඇති බව මෙසේ වාර්තා විය.
බලධාරීන් පෙන්වා දෙන්නේ සෙනසුරාදා ඊජිප්තුවේදී පැවැත්වෙන අරාබි ලීග සමුළුවට සහභාගි වීමටද හාඩි ජනාධිපතිවරයා සූදානමින් සිටින බවයි.
ඊයේ දිනයේදී දෙවැනි රාත්රියටත් ඒකාබද්ධ ගුවන් ප්රහාර කැරලි හමුදා ඉලක්ක කරමින් එල්ල කෙරුණු බවද විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.