යුක්රේනයේ ක්‍රිමියා අර්ධද්වීපයේ රුසියානු හමුදාවන්ගේ වැටලීමක් සිදු නොවන බවත්, එහි සිදුවන්නේ මානුෂික මෙහෙයුමක් පමණක් බවත් රුසියානු ජනපති ව්ලැඩිමීර් පූටින් පවසයි.
එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ රුසියානු හමුදා යුක්රේනය වෙත යැවීමට මෙතෙක් අවශ්‍යතාවක් ඇති නොවූ බවය. කෙසේ වෙතත්, යුක්රේනයේ නැගෙනහිර කලාපයේ ජීවත් වන ජනතාව ආරක්ෂා කිරීම සඳහා වූ සියලු ක්‍රියාමාර්ග ගැනීමේ අයිතිය රුසියාව ආරක්ෂා කරන බව පූටින් අවධාරණය කරයි.
නීත්‍යනුකූලව පත්වූ රුසියානු ජනපති වික්ටර් යනුකොවිච් යුක්රේනයේ රුසියානු භාෂාව කතා කරන ජනතාව ආරක්ෂා කරදෙන ලෙස කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් මෙම මැදිහත්වීම සිදුකළ බව පූටීන් මාධ්‍යවේදීන් හමුවේ පවසා ඇතැයි බී.බී.සී.ය. පවසයි.
එමෙන්ම, රුසියානු භාෂාව කතා කරන වැඩි පිරිසක් වෙසෙන ක්‍රිමියා අර්ධද්වීපය ආයුධ සන්නද්ධ පිරිස් විසින් පාලනය කෙරෙන බවට පළවන වාර්තා අසත්‍ය බවද ජනාධිපතිවරයා පවසයි.
මේ පිරිස් සහ රුසියානු පරිපාලන අතර සම්බන්ධයක් නැති බවත්, ඔවුන් පළාත ආරක්ෂා කිරීමට කටයුතු කරන ප්‍රාදේශීය කණ්ඩායම් වන බවත් පූටින් ජනාධිපතිවරයා මෙහිදී මාධ්‍යවේදීන් හමුවේ පේනවා දෙයි.
එමෙන්ම, තමන් මෙම ආරක්ෂකයන් පුහුණු නොකළ බව අවධාරණය කළ රුසියානු ජනාධිපතිවරයා ක්රිමියාව අත්පත් කරගැනීමට හෝ යුක්රේනයේ යුද්ධයක් ඇති කිරීමට තමන් තුළ අදහසක් නැති බව අවධාරණය කරයි.