නැගෙනහිර යුක්රේනයේ ආරක්ෂක මුර කපොල්ලක් ඉලක්ක කරමින් එල්ල වූ දරුණු ප්‍රහාරයකින් යුක්රේන රජයේ හමුදාවන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.
එය යුක්රේනයේ වත්මන් අර්බුදය සමග මේ දක්වා සිදුවූ දැවැන්තම ප්‍රහාරය බව කියැවෙයි.
ප්‍රබල ආයුධවලින් සන්නද්ධව පැමිණි සටන්කාමීන් විසින් වොල්නෝවඛා ප්‍රදේශයේ පිහිටි මෙම හමුදා මුරපොළ වෙත මෙම දරුණු ප්‍රහාරය එල්ල කර තිබේ.
කෙසේ වෙතත් මෙම ප්‍රහාරය කවුරුන් විසින් සිදුකළේද යන්න පැහැදිලි නැති බවත්, මෙය බෙදුම්වාදීන්ගේ ක්‍රියාවක් නොවන බවත් යුක්රේන බලධාරීහු පවසති.
යුක්රේන ජනාධිපතිවරණයට දින 3ක් තිබියදී ප්‍රහාරය සිදුවීමත්, සටන්කාමීන් හොඳින් පුහුණුව ලැබූ හමුදා සාමාජිකයන් මෙන් ප්‍රහාරය දියත් කළ නිසාත්, මෙය බෙදුම්වාදීන්ගේ ප්‍රහාරයක් නොවන බව ඔවුහු පවසති.
මේ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ හදිසි සැසිවාරයක් ඉල්ලා සිටින යුක්රේන අන්තර්වාර අගාමාත්‍ය ආර්ස්නෙයි යට්සෙනියුක් පවසා සිටින්නේ මෙම ප්‍රහාරය පිටුපස රුසියානු මැදිහත්වීමක් පවතින බවයි.