ප්‍රංශයේ මුස්ලිම් පල්ලි වෙත ලැබෙන විදේශ අරමුදල් සඳහා තාවකාලික තහනමක් පැනවීම සඳහා අවධානය යොමුවී ඇති බව ප්‍රංශ අග්‍රාමාත්‍ය මැනුවෙල් වෝල්ස් පවසයි.
ප්‍රංශයේ නීස් වෙරළ තීරයේ එල්ල වූ ට්‍රක් රථ ප්‍රහාරය මෙන්ම, මෑතකදී කතෝලික පූජකවරයෙකුගේ හිස ගසා දැමීම ආදී වූ IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත ප්‍රහාර මාලාව අග්‍රමාත්‍යවරයා මෙවැනි තීරණයකට යොමුවීම කෙරෙහි බලපා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
ප්‍රංශයේ ලේ මොන්ඩේ පුවත්පතට අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ ප්‍රංශය, ඉස්ලාම් සමාජය සමග පවතින සම්බන්ධතාව ගැන යළි සිතා බැලීමට කටයුතු කළ යුතු බවයි.
"මා විශ්වාස කරන ආකාරයට නම් මුස්ලිම් පූජකවරුන් ප්‍රංශය තුළ හෝ ඒ ආශ්‍රිතව පුහුණුව ලැබිය යුතුයි. ඒ වගේම, ප්‍රංශය තුළ මුස්ලිම් පල්ලි ඉදිවීම සඳහා විදෙස් අරමුදල් ගලා ඒම සම්බන්ධයෙන් අප යළිත් වරක් සිතා බැලිය යුතුයි.
එහිදී, ප්‍රංශය තුළ ජීවත් වන මිලියන ගණනක් වූ මුස්ලිම්වරුන් අප රටේ ප්රජාතන්ත්රවාදී ප්රවාහයට පක්ෂපාතීව, ප්‍රංශ ජනරජයේ ගුණාංගයන් හා බැඳී කටයුතු කිරීමට කාලය එලැඹ තිබෙනවා.
එහිදී මූල ධර්මවාදී අදහස් දරණ, මූල ධර්මවාදී අදහස් වපුරන, සිත් තුළ වෛරය ඇති කරන පුද්ගලයන් සම්බන්ධයෙන් අප කිසිදු බුරුලක් නොදැක්විය යුතුයි. ඉස්ලාමීය අන්තවාදයට ප්‍රංශය තුළ තවදුරටත් කිසිදු ඉඩක් නෑ" යනුවෙන් අගමැතිවරයා එහිදී වැඩිදුරටත් පවසා තිබේ.