මියන්මාරයේ ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමය පසුගිය වසර දෙකක කාලය තුළ ඇණ හිට පැවති බව එරට ප්රජාතන්ත්රීය ව්‍යාපාරයේ ප්‍රධාන නායිකා හා නොබෙල් ත්‍යාගලාභී අවුන් සාන් සුකි පවසයි.
මාධ්‍ය හමුවකට එක් වෙමින් අදහස් දැක් වූ මියන්මාර විපක්ෂ නායිකාව පවසා සිටියේ රට හමුදා පාලනයෙන් මිදී ප්රජාතන්ත්රීය ව්‍යුහයක් කරා පරිවර්තනය වීමේ ක්‍රියාදාමය සුබවාදී තත්ත්වයක නොපවතින බවයි.
ඇමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමා එළැඹෙන සතියේදී ඇමෙරිකානු සංචාරයක් ඇරඹීමට නියමිතව තිබියදී අවුන් සාන් සුකි මෙසේ අදහස් දක්වීය.
මියන්මාරයේ හමුදා පාලනය මෙයින් වසර තුනකට පෙර ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙලක් ආරම්භ කල අතර එය එරටට එරෙහිව බටහිර ලෝකය පණවා තිබූ සම්බාධක ඉවත් කිරීමට මග සකස් කරනු ලැබුණි.
රට තුළ ප්රජාතන්ත්රීය ප්‍රතිසංස්කරණ සිදු කිරීම අතින් මියන්මාර් හමුදාව තුළ පවතින කැපවීමේ ස්වභාවය හමුදා අත්අඩංගුවේදී මියගිය මාධ්‍යවේදියාගේ මරණයත් සමග දෙගිඩියාවකට ලක්ව අති බව කියැවෙයි.