ඇමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වූ ජෝන් එෆ්.කෙනඩි, ඔහුගේ සහෝදරයා වූ රොබට් එෆ්.කෙනඩි සහ හොලිවුඩයේ හිටපු සරාගී නිළි මැර්ලීන් මොන්රෝ යහන්ගත වූ රහසිගත විඩියෝ පටයක් ලබන සතියේදී වෙන්දේසි කිරීමට නියමිත බව එවකට හොලිවුඩයේ සේවය කළ ආරක්ෂක නිලධාරියෙකු පවසා තිබේ.
වෙඩි ප්රහාරයකින් ඝාතනයට ලක්වූ හිටපු ජනාධිපතිරයා මෙන්ම, ඔහුගේ සහෝදරයා සහ හොලිවුඩය වසඟයට ගත් මැර්ලීන් මොන්රෝ පිළිබඳ කියැවෙන මෙම වීඩියෝව මීට පෙර කිසිසේත්ම ප්රසිද්ධියට පත් නොවූ රහසිගත වීඩියෝ පටයක් බවද කියැවෙයි.
මිලිමීටර් 8ක මෙම වීඩියෝව අතිශය කාමෝද්දීපන වීඩියෝවක් බවත්, හිටපු ජනාධිපතිවරයාට කරන ගෞරවයක් ලෙස එය ප්රසිද්ධ නොකර මෙසේ වෙන්දේසි කිරීමට තීරණය කළ බවත් හිටපු හොලිවුඩ් ආරක්ෂක නිලධාරියා පවසා ඇති බව විදෙස් පුවත් සේවා පවසයි.