ඉරාකයේ බැග්ඩෑඩ් නගරයේ ෂියා මුස්ලිම්වරුන් විසින් සංවිධානය කළ මැතිවරණ රැලියක පිපිරීම් වැලක් සිදුවෙමින් පුද්ගලයන් 25කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.
මෙම ප්රහාරයෙන් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවද කියැවෙයි.
එරට අසායිබ් අහ්ල් අල්-හක් පක්ෂය විසින් සංවිධානය කළ මැතිවරණ රැලියකට මේ ආකාරයෙන් ප්රහාර එල්ල වී තිබේ.
ඉරාකය පාර්ලිමේන්තු මැතිවරණයක් වෙත යෑමට දින කිහිපයක් පමණක් ඉතිරිව තිබියදී මෙම දැවැන්ත පිපිරීම් මාලාව සිදුවීම මැතිවරණයේ ආරක්ෂාව පිළිබඳ ගැටලු රැසක් මතුකර ඇති බවo කියැවෙයි.
කෙසේ වෙතත්, 2008 වසරේ ඉරාකයේ හටගත් සිවිල් යුද්ධයෙන් පසුව මේ වනවිටත් ඉරාකය විසින් අත්විඳිමින් සිටින්නේ අතිශය කටුක ඉරණමකි.