නීති විරෝධී මත්පැන් විෂ වීමෙන් ඉන්දියාවේ, ගෝපාල්ගාන්ජ් දිස්ත්රික්කයේ පුද්ගලයන් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.
එම දිස්ත්රික්කයේ පිටිසරබද ගම්මානයක මෙම නීතිවිරෝධී මත්පැන් ජාවාරම සිදුව ඇති බවත්, ඊට පොලීසියේ සහාය හිමිව ඇති බවත් පරීක්ෂණවලින් හෙළි වී තිබේ.
ඒ අනුව, මෙම ජාවාරමට සම්බන්ධ පොලිස් නිලධාරීන් 25 දෙනෙකුගේ වැඩ තහනම් කිරීමට බිහාර් ප්රාන්ත බලධාරීන් කටයුතු කර ඇත.
මෙසේ වැඩතහනමට ලක්වූ නිලධාරීන් අතට ගොපාල්ගාන්ජ් දිස්ත්රික් පොලිස් ප්රධානියාද සිටින බව විදෙස් වාර්තා වැඩිදුරටත් දක්වයි.
මේ ආකාරයෙන් මත්පැන් විෂවීම නිසා ඉන්දියාව තුළ ජීවිත හානි සිදුවීම සුලභ කරුණක් වී ඇත්තේ, අඩු ආදායම්ලාභීන් අඩු මිල පැන්වලට ගිජුවීම නිසා බව කියැවෙයි.