පුද්ගලයන් 107කට මරු කැඳවමින් මක්කමදී සිදුවූ දොඹකරයක් කඩා වැටීමේ අනතුර සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණ අරඹා ඇති බව සෞදි බලධාරීහු පවසති.
අධික වර්ෂාව හා සුළං තත්ත්වය හේතුවෙන් දොඹකරයේ විශාල කොටසක් මහ පල්ලියේ වහලය මතට කඩා වැටීමෙන් මෙම අනතුරය සිදුවිය.
මස්ජිද් අල් හරාම් නමින් හැඳින්වෙන මක්කම මහ පල්ලිය ලෝකයේ ඇති විශාලතම මුස්ලිම් පල්ලිය ලෙස සැලකෙයි.
සිකුරාදා සිදුවූ මෙම අනතුරින් තුවාල ලැබූවන්ගේ සුවදුක් විමසීමට සෞදියේ සල්මාන් රජු රෝහල් වෙත පැමිණි අතර, මින් පුද්ගලයන් 230කට ආසන්න පිරිසක් තුවාල ලැබූ බව පැවසෙයි.
කෙසේ වෙතත්, මක්කම හා ඒ අවට ආරක්ෂාව තරකොට ඉදිරියේ පැවැත්වීමට නියමිත හජ් වන්දනා සමයට සියලු කටයුතු සූදානම් කරන බවද සෞදි බලධාරීහු පවසති.