නයිජීරියාවේ ක්‍රියාත්මක බොකෝ හරාම් ඉස්ලාමීය අන්තවාදී සංවිධානයට අයත් මූලස්ථානය ලෙස සැලකෙන ගොවාසෝආ නගරය යළි අත්පත් කර ගත් බව එරට ආරක්ෂක අංශ පවසයි.
ඒ අනුව, මෙම පළාත ආශ්‍රිතව ඉස්ලාමීය ත්‍රස්ත සංවිධානය සතු සියලු බල ප්‍රදේශ යළි අත්පතර කරගත් බවද හමුදාව කියයි.
එහිදී, ඇතැම් අන්තවාදී සටන්කරුවන් මේ වනවිට මායිම් ගම්මාන වෙත පළා යමින් සිටින බවටද තොරතුරු පවතින බව කියයි.
නයිජීරියානු ජනාධිපතිවරණයට දිනක් තිබියදී මෙම නගරය අත්පත් කරගැනීම සිදුවුවත්, බොකෝ හරාම් ත්රස්තයන්ට එරෙහි සටන නිසා මැතිවරණය සති හයක කාලයක් කල් දැමුණි.
බොකෝ හරාම් ත්‍රස්ත ක්‍රියා හේතුවෙන් 2009 වසරේ සිට දහස් ගණන් ජනතාවක් ජීවිතක්ෂයට පත්වූ අතර, ඔවුන් නයිජීරියාව තුළ ඉස්ලාමීය රාජ්‍යයක්ද ප්‍රකාශයට පත් කළේය.