බුරුමයේ රඛීනේ ප්‍රාන්තය ආශ්‍රිතව ජීවත්වන රොහින්ග්‍යා මුස්ලිම් ප්‍රජාවට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩක්‍රියා පිළිබඳ පරීක්ෂණ වාර්තාවක් ලබාදෙන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානී එරට රජයට දන්වා ඇති බව වාර්තා වෙයි.
ප්‍රකාශයක් ඉදිරිපත් කරමින් මානව හිමිකම් ප්‍රධානී නවනීදන් පිල්ලෙයි පවසා ඇත්තේ සම්පූර්ණ, කඩිනම් හා අපක්ෂපාතී පරීක්ෂණ වාර්තාවක් අවශ්‍ය බවය.
ජනවාරි මුල් කාලය තුළ ඇතිවූ ගැටුම් හේතුවෙන් රොහින්ග්‍යා මුස්ලිම්වරු 48 දෙනෙක් මරණයට පත්ව ඇති බවට තමන්ට විශ්වාසදායී තොරතුරු පවතින බවද එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසා ඇත.
කෙසේ වෙතත් බුරුම රජය මේ චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන අතර, ඊට කිසිදු පදනමක් නොමැති බවද අවධාරණය කරයි.
බුරුමයේ රොහින්ග්‍යා මුස්ලිම් ප්‍රජාව බුරුම ජනතාවක් නොවන බව එරට බෞද්ධයන්ගේ මතය වන අතර, අසල්වැසි මුස්ලිම් රාජ්‍ය වන බංග්ලාදේශයටද මේ ප්‍රජාවට තහනම්ය.
2012 වසරේ සිට මේ කලාපයේ ආරම්භ වූ බෞද්ධ - මුස්ලිම් ගැටුම් යළිත් උත්සන්න වෙමින් පවතින් බවත්, මේ ගැටුම් නිසා උන් හිටි තැන් අහිමි වූ දස දහස් ගණනක් රොහින්ග්‍යා ජනතාව තවමත් අනාථ කඳවුරු තුළ ජීවත්වන බවත් විදෙස් පුවත් සේවා පවසයි.
2012 දී ඇවිලී ගිය ගැටුම් නිසා දෙසීයකට අධික පිරිසක් මරණයට පත්විය.