ෙබ්රිතාන්යයට බලපවත්වා ඇති අයහපත් කාලගුණික තත්ත්වය සමග තේම්ස් ගංගාවේ ජල මට්ටම වාර්තාගත ලෙස ඉහළ යමින්, දරුණු තත්ත්වයේ ගංවතුර අනතුරු ඇඟවීම් කිහිපයක්ම සිදුකර ඇති බව එරටින් වාර්තා වෙයි.
පොලීසිය පෙන්වා දෙන පරිදි බර්ක්ෂෙයර් සහ සරේ ආශ්රිත තේම්ස් ගංගාව අවට දරුණු තත්ත්වයේ අනතුරු ඇඟවීම් 14ක් මේ වනවිටත් ප්රකාශයට පත්කර ඇති අතර, සරේ ආශ්රිතව නිවාස 2,500ක් පමණ ජල ගැලීම් තර්ජනයට නතුව තිබේ.
පාරිසරික ඒජන්සිය පෙන්වාදෙන පරිදි සමර්සෙට් ආශ්රිතවද ගංවතුර අවදානම් තත්ත්වයන් ප්රකාශයට පත්කර තිබේ.
පසුගිය දින කිහිපයේ පැවති අධික වර්ෂාපතනය සමග සැසඳීමේදී අද වර්ෂාව අඩු වුවද, පැවති වර්ෂාවන්ගේ ජලය පහත් බිම්කරා පැමිණෙමින් තිබෙන නිසා ජල මට්ටම් ශීඝ්රයෙන් ඉහළ යන බවද පෙන්වා දෙයි.
තේම්ස් ගංගාව ආශ්රිත ජල මට්ටම්වල සිදුකරන ඇතැම් ගණනය කිරීම්වලදී 80 සහ 90 දශකය මුලදී පෙන්නුම් කළ ඉහළම ජල මට්ටම් මෙවර පෙන්නුම් කෙරෙන බව බලධාරීහු පවසති.