බ්‍රිතාන්‍යයේ නව අගමැතිනිය ලෙස පත්වූ තෙරේසා මේ සිය කැබිනට් මණ්ඩලයේ ප්‍රථම පත් කිරීම ලෙස බොරිස් ජොන්සන් එරට විදේශ ලේකම් ලෙස නම් කිරීම විශේෂත්වයකි.
හිටපු ලන්ඩන් නගරාධිපතිවරයෙකුද වන ඔහු, බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතුයි යන මැතිවරණය ව්‍යාපාරය මෙහෙයවූ නායකයාද වෙයි. කෙසේ වෙතත්, මෙම ජොන්සන් විදේශ ලේකම්වරයා ලෙස පත්කිරීම ආරම්භයේදීම බ්‍රිතාන්‍ය නව කැබිනට් මණ්ඩලය තැතිගැන්මකට ලක්කළ අවස්ථාවක් ලෙසද විදේස් මාධ්‍ය හඳුන්වන්නට විය.
එමෙන්ම, බ්‍රිතාන්‍ය මහා භාණ්ඩාගාරයේ චාන්සලර්වරයා හෙවත්, මූල්‍ය කටයුතු භාර ප්‍රධානියා ලෙස ෆිලිප් හැමන්ඩ් පත් කෙරිණි.
ස්වදේශ කටයුතු පිළිබඳ ලේකම්වරයා ලෙස ඇම්බර් රූඩ්ද පත් කෙරුණි.
ආරක්ෂක ලේකමවරයා ලෙස පත්කෙරුණේ මයිලක් ෆෝලන්ය.
මීට අමතරව, බ්‍රෙක්සිට් පිළිබඳ අමාත්‍යවරයා ලෙස ඩේවිඩ් ඩේවිස් පත්කරන්නට වූයේ, යුරෝපා සංගමයෙන් ඉවත්වීම සම්න්ධයෙන් කටයුතු කරන නව රාජ්‍ය ලේකම් තනතුරක් මුල් වරට එරට කැබිනට් මණ්ඩලයට හඳුන්වා දෙමිනි.