දූෂණ චෝදනා සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ ග්ලැක්සෝස්මිත්ක්ලයින් ඖෂධ සමාගමට එරෙහිව ආරම්භ කරනු ලැබ තිබෙන පරීක්ෂණය අනෙක් බහුජාතික සමාගම්වලටද අනතුරු ඇඟවීමක් බව චීනයේ ෂිංහුවා නිල පුවත් සේවය පෙන්වා දෙන බව බී.බී.සී.ය කියයි.
ග්ලැක්සෝස්මිත්ක්ලයින් සමාගමේ චීන ශාඛාවේ බරපතල අල්ලස් ජාලයක් සොයා ගත් බව පවසමින් චීන පොලිසිය එම සාක්ෂි නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කොට ඇති බව පැවසෙයි.
ඖෂධ සමාගමේ නිෂ්පාදන රෝගීන්ට නිර්දේශ කිරීම පිණිස වෛද්‍යවරුන්ට අල්ලස් ලබාදෙන මෙන් සිය නියෝජිතයන්ට බලපෑම් කළ බවට සමාගමේ චීන ශාඛාවේ කළමනාකරුට පොලිසියෙන් චෝදනා එල්ල වී තිබේ.