මින් ඉදිරියට බ්‍රිතාන්‍ය ජාතිකයන් අන්තර්ජාලය තුළ සැරිසරන සෑම වෙබ් අඩවියකම තොරතුරු මාස 12ක කාලයක් ගබඩා කර තබා ගැනීමට එරට අන්තර්ජාල සේවා සපයන ආයතනවලට සිදුවෙයි.
බ්‍රිතාන්‍ය තුළ හඳුන්වාදුන් නව නීතියකට අනුව මෙය ක්‍රියාත්මක වන අතර, එහිදී, පොලීසියට හා ආරක්ෂක අංශවලට අදාළ තොරතුරු පරීක්ෂා කිරීමේ අවසරය ලබාගැනීමේ හැකියාව පවතී.
බ්‍රිතාන්‍යයේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ ලේකම් තේරේසා මේයි අවධාරණය කරන්නේ රට තුළ ව්‍යාප්තවන ත්‍රස්තක්‍රියා පාලනයට මෙවැනි දැඩි නිතිරීති අවශ්‍ය බවයි.
මේ සම්බන්ධ නීති කෙටුම්පත් ඉදිරියේදී ගැසට් කිරීමට නියමිතය.