බ්‍රසීල ජනපති ඩිල්මා රොයුසෙෆ්ට එරෙහි දෝෂාභියෝගය ඉදිරියට ගෙනයා යුතු බව එරට සෙනට් සභාව විසින් තුනෙන් දෙකකට වැඩි බහුතරයකින් අනුමත කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
2014 වසරේ මැතිවරණයට පෙර අයවැය පියවීම පිණිස පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව ණය ලබාගැනීම සහ වියදම් කිරීම ඇයට එරෙහිව එල්ල වී ඇති චෝදනාය.
කෙසේ වෙතත්, සෙනට් සභාවේ ඡන්ද විමසීමෙන් පසුව තවත් ඡන්ද විමසීමක් පැවැත්වීමට නියමිත අතර, දෝෂාභියෝගය ඉදිරියට ගෙන යෑමට නම් එහිදීද තුනෙන් දෙකක එකඟතාවක් අවශ්‍ය බව එරට ව්‍යවස්ථාදායකය පවසයි.
මෙම චෝදනා සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා ඇති බ්‍රසීල ජනාධිපතිනිය පවසා ඇත්තේ තමා කිසිදු වැරැද්දක් නොකළ බවයි. නමුදු, එරට සෙනට් මණ්ඩලය විසින් පසුගිය මැයි මාසයේදී ඇය ජනාධිපති තනතුරේ කටයුතු කිරීම අත්හිටවනු ලැබීය.
මේ තත්ත්වය මත යම් ලෙසකින් මීළඟ ඡන්ද විමසීමේදී තුනෙන් දෙකකින් දෝෂාභියෝග අනුමැතිය ලැබුණොත්, එම දෝෂාභියෝගයෙන් පසුව 2018 ජනාධිපතිවරණය තෙක් එරට වැඩබලන ජනාධිපති මයිකල් ටෙමර් බ්‍රසීලයේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කරනු ඇත.