බෙල්ජියමේ, බ්‍රසල්ස් නුවර වීදියක දිගු කබායකින් සැරසී සැකකටයුතු ලෙස හැසිරුණු පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා දැවැන්ත මෙහෙයුමක් සිදුවුවත්, අවසානයේදී එය වැරදි වැටහීමක් බව අනාවරණය වී තිබේ.
එළැඹෙන 21 වැනිදා එරට ජාතික දින උලෙළට නගරය සූදානම් වන අවස්ථාවේදී ඇති වූ මෙම තත්ත්වයෙන් බොහෝ දෙනා කලබලයට පත්ව තිබූ බවත්, සැකකටයුතු ලෙස හැසිරුණු දිගු කබායකින් සැරසුණු පුද්ගලයාගේ කබාය තුළින් වයර් කිහිපයක් පිටතට පැමිණ තිබීම සැකය වඩාත් තීව්ර කර තිබූ බවත් කියැවෙයි.
ඒ අනුව, මේ පිළිබඳ පොලීසියට දැන්වීමෙන් පසු විශාල පොලිස් හා විශේෂ බලකා පිරිසක් බ්‍රසල්ස් නුවරට පැමිණ, අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබුණි.
අවසනයේදී මෙම මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු යැයි සිතූ තැනැත්තා, බ්‍රසල්ස් විශ්වවිද්‍යාලයේ න්‍යෂ්ටික විකිරණශීලීත්වය පිළිබඳ හදාරන සිසුවෙකු බව අනාවරණය වී තිබුණි.
ප්‍රංශයේ ජාතික දිනය දා සිදුවූ 84කට මරු කැඳවූ ප්‍රහාරයත්, මිට පෙර බ්‍රසල්ස් නුවරට එල්ල වූ ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත ප්‍රහාරත් හේතුවෙන් මේ වනවිට එරට තුළ ආරක්ෂාව තර කර ඇති බව ආරක්ෂක අංශ පවසයි.
![](http://editorial.ada.lk/wp-content/uploads/file/1(3088).jpg)
![](http://editorial.ada.lk/wp-content/uploads/file/2(2404).jpg)