තායිලන්ත අගමැතිනී යින්ග්ලක් ෂිනවත්‍රා බලයෙන් පහ කෙරුණු පසුව ඇයගේ ආධාරකරුවන් දහස් සංඛ්‍යාත පිරිසක් ඇයට සහාය පතමින් බැංකොක් නුවරදී පැවැත්වූ ප්‍රථම හා දැවැන්ත රැලිය ඊයේ (10දා) පැවැත්විණි.
කෙසේ වෙතත්, හිටපු අගමැතිනියට සහාය පළ කරමින් එසේ දැවැන්ත රැලියක් සංවිධානය වනවිට විරුද්ධ පක්ෂ කණ්ඩායම් විසින් තවත් අන්තයක දැවැන්ත රැලියක් සංවිධානය කර තිබුණු බව පැවසුණි. මේ නිසා දෙපිරිස අතර ගැටුමක් උද්ගත වීම වැළැක්වීමට පොලීසිය සීරුවෙන් තබා ඇති බවද කියවුණි.
හිටපු අගමැතිනියගේ ආධාරකරුවන් පවසන්නේ ප්රජාතන්ත්රවාදය සුරැකීමේ මහජන රැලියක් සඳහා තමන් එකතු වූ බවය.
අගමැතිවරිය සහ ඇයගේ ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරුන් නව දෙනෙක් පදවිවලින් නෙරපා හරිනු ලැබීමෙන් අනතුරුව, මහජන ඡන්දයෙන් තේරී පත් නොවූ පාලනයක් බලයට ගෙන ඒමට සැරසෙන බවට ඉහත කී ආධාරකරුවෝ විපක්ෂයට චෝදනා කරති.
අගමැතිනි යින්ලක් ෂිනවත්‍රා සහ ඇගේ ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරුන් නව දෙනා පදවිවලින් ඉවත් කෙරුණේ, ඔවුන් බලය අයුතු ආකාරයට පාවිච්චි කර ඇති බව තායිලන්ත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය විසින් තීන්දු කරනු ලැබීමෙන් පසුවය.
එමෙන්ම පසුගිය සිකුරාදා (09දා) ආණ්ඩු විරෝධීන් සිය ගණනක් ගෙන ගිය විරෝධතා ව්‍යාපාරයකට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබුණි.