පුද්ගලයන් 200ක් පමණ රැගෙන අධික වර්ෂාවක් පැවති අවස්ථාවේදී බංග්ලාදේශයේ ගංඟාවක් තරණය කරමින් තිබූ විශාල යාත්රාවක් දියබත් වී ඇති බව වාර්ත වෙයි.
මේ වනවිටත් දියේ ගිලුණු පුද්ගලයන් රැසකගේ මෘත ශරීරයන් ගොඩට ගෙන ඇති අතර, බාල මහළු, තරුණ වැඩිහිටි, ගැහැණු පිරිමි මෙන්ම කුඩා ළමුන්ද මියගිය පිරිසේ සිටින බව පැවසෙයි.
නමුත්, එරට පොලීසිය පෙන්වා දෙන්නේ මියගිය පිරිස මීට වඩා වැඩිවිය හැකි බවයි.
බංග්ලාදේශයේ අනගගරය වූ ඩකා නුවරට දකුණින් මුන්ෂිගාන්ජ් දිස්ත්රික්කයේ, මෙඝානා ගංඟාවේදී මෙම අනතුර සිදුව ඇති අතර, අධික වර්ෂාවත් සමග ඇති වූ සුළං හේතුවෙන් යාත්රාව පෙරළී තිබේ.
බංග්ලාදේශය පුරා ගංගා ජාලයක්පවතින නිසා මෙවැනි අනතුරු එරටට විශ්මයක් නොවෙයි.