ජාතික ගීය එකවර ගායනා කරන විශාලතම පිරිස ලෙස ලෝක වාර්තාවක් තැබීමේ අරමුණින් ලක්ෂ සංඛ්‍යාත බංග්ලාදේශ වැසියන් සිය 43 වැනි ජාතික දිනය ඊයේ (26දා) සැමරූ බව වාර්තා වෙයි.
ඒ අනුව, 254,000 කට වැඩි බංග්ලාදේශ ජාතිකයන් පිරිසක් මෙම ඓතිහාසික අවස්ථාවට එක් වී සිටි බවද කියැවෙයි.
‘සෝනාර් බංග්ලා ගීතය දහසක් හඬින්’ ලෙස මෙම අවස්ථාව හඳුන්වාදී තිබුණු අතර, එය උත්සවශ්රීයක සිරි ගෙන තිබිණි.
බංග්ලාදේශයේ ඩකා අගනුවර ජාතික උද්‍යානයේ පැවැත්වුණු උත්සවයට ඇමතිවරු, මන්ත්‍රීවරු සහ හමුදා නිලධාරීහු සමග අගමැතිනි ෂෙයික් හසීනාද එක් වී සිටියහ.
“මම හිතන්නේ අපි ලෝක වාර්තාව බිහි කළා. නමුත් වඩාත් වැදගත් වූයේ නිදහසේ උද්දාමයෙන් කුල්මත් වීමයි. ඒ වගේම විවිධ ආගමිකයන් ගැනත් ජනතාව උනන්දු කරවීමට හැකිවීමයි” යනුවෙන් සංස්කෘතික ඇමති සංකර් අසාදුස්සම පවසා සිටියේය.
මීට පෙර ඉන්දීය ජාතික ගීය එකවර ගායනා කිරීම පිණිස 121, 653 දෙනකු, 2013 මැයි 6 වැනිදා එක් ස්ථානයකට රැස්කරමින් ඉන්දියාවේ සහරා ඉන්දියා පරිවාර් සමාගම් සමූහය ගිනස් ලෝක වාර්තා පොතට එක් විය.
බංග්ලාදේශය මෙවර උත්සාහ කලේ එම වාර්තාව බිඳ දැමීමටය.