නයිජීරියාවේ බෝනෝ පළාතේ පාසලකට කඩා වැදුණු ඉස්ලාමීය කැරලිකරුවන් විසින් පැහැරගනු ලැබූ 200කට ආසන්න පාසල් ශිෂ්‍යාවන් පිරිස තවමත් සිටින්නේ කැරලිකරුවන් භාරයේ බව විදෙස් පුවත් සේවා අනාවරණය කරයි.
නයිජීරියාවේ ක්‍රියාත්මක මුස්ලිම් අන්තවාදී බෝකෝ හරාම් සංවිධානය විසින් මෙම පැහැර ගැනීම සිදුකරන ලද බවට විශ්වාස කෙරෙන්නේ යැයි බී.බී.සී.ය පවසයි.
මෙම ශිෂ්‍යාවන් පිරිස පැහැර ගැනීමෙන් පසුව ඔවුන් මුදා ගැනීම සඳහා කළ හැකි ඕනෑම කැප කිරීමක් සිදුකරන බව නයිජීරියානු රජය අවධාරණය කළේය.
බොකෝ හරාම් සංවිධානය මීට පෙරද නයිජීරියාවේ පාසල් වෙත කඩා වැදී අමානුෂික ලෙස සිසුන් මරා දැමූ අවස්ථා පිළිබඳවද වාර්තා වෙයි.
ඔවුන් මේ ආකාරයෙන් ශිෂ්‍යාවන් රඳවා තබාගෙන සිටින්නේ කාන්තාවන්ට අධ්‍යාපනය අවැසි නොවන බව පවසමින් යැයිද කියැවෙයි.